
රාජ්‍ය වර්.ෂ 1953 දී වෑලිගම පෑලෑන ගංගාරාමාධිපති ලෙස වැඩ විසු පුජ්‍යපාද ශ්‍රි පඤ්ඤානන්ද මා හිමිපණන් වහන්සේගේ අනුශාසනය පරිදි ගම්වාසින්ගේ කැපවිමේන් ජේ.ඩබ්.සමරසිංහ මහත්මාට පින් පිණිස එම දූ දරුවන් පරිත්‍යාග කල ගාලු - මාතර මහා මාර් ගයටත් මහා සාගරයටත් මෑදිව පිහිටි අක්කර 1/2 ක් පමණ රමණීය භූමි භාගයක ජාත්‍යන්තර කීර් තීයට පත් වූ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වෑඩ වීසූ අමරපුර ශ්‍රි ධම්මරක්ශිත නිකායේ මහානායක හිමියන්ගේ ශ්‍රි නාමය සදානූස්මරණය කීරීම සදහා උන්වහන්සේගේ ජන්ම දිනයේ මාර/පෑළෑණ ශ්‍රි වජිරඤාණ මහ විදුහල ආරම්භ කරන ලදී.
ආරම්භයේ දී පොල් අතු සෙවිලි කළ එක ශාලාවක සිසුන් 50 ක් පමණ සිටී විදුහල ක්‍රම ක්‍රමයෙන් සංවර් ධනය වී 1961 දී රජයට පවරා ගන්නා ලදි. මුලදී පලමුවේනි ශ්‍රේණියේ සිට අධ්‍යන පොදු සහතික පත්‍ර [සා.පෙළ] විභාගය දක්වා පන්ති පෑවති මේම විදුහල 1972 දී අපවත් වී වදාළ අති පූජ්‍ය මඩිහේ පඛ්ඤ්ඤාසීහ මහ නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලිම පරිදි එවක පෑවති සමගි පෙරමුණ රජයේ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය බී.වයි.තුඩාවේ මෑතිතුමා මහ විදුහලක් බවට උසස් කරන ලදී.
ඉන්පසු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්තිද ආරම්භ කරන ලදී. 80 දශකය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට ආසන්න විය. එම අවධිය වන විට මේම පාසලේ ගොඩනෑගිලි ඉදි වෙමින් ඉදිරියට යමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ,අ.පො.ස [සා.පෙළ] විභාගය අ.පො.ස [උ.පෙළ] විභාගය ආදියෙන් උසස් ප්‍රතිපල ලබා දුනි.
2004.12.26 දින සුනාමි ව්‍යසනයට ලක්වන විට වජිරඤාණ මහ විදුහල කුඩා විද්‍යාගාරය පුස්තකාලය ශ්‍රව්‍ය ද්‍රශ්‍ය ඒකකය ගෘහ විද්‍යාගාරය සංගීත නැටුම් විත්‍ර සෞන්දර් ්‍ය අංශ සම්පූර් ණ වෙමින් 21 වන ශත වර් ෂයේ අපේක්ෂිත අනපේක්ෂිත අභියෝගයන්ට මුහුණ දීමට කුසලතාවන්ගෙන් පිරිපුන් පුරවැසි පිරිසක් බිහි කිරීමේ මෙහෙවරක යෙදුණි.එනමුත් රුදුරු සුනාමි රලපහර ක්ෂණයකින් ඉහත කී සියලු ඒකක සමග පාසල් දරාවන් 9 දෙනෙකුද මරු තුරුලට කැදවා දරුවන 26 දෙනෙකුගේ මව පියා සොහොයුරන් අහිමි කලේය
2005 ජනවාරි 01 දින අහංගම ලෝඩ්ස්ටාර් ආයතනයේ පූර් ණ අනුග්‍රහය ලැබ 2005 වසරේ පලමු පාසල් වාරය නියමිත පරිදි ආරම්භ කරන ලදී.
වර්තමානයේදි මෙම විදුහල ප්‍රදේශයේ දරුවන්ගේ නැණස පාදන වැලිගම ප්‍රදේශයේ පලමු පෙලේ පාසල් අතරට එක් වෙමින් පවතී.මේ වන විට සිසු සිසුවියන් 300 කට වැඩි පිරිසක් මෙම පාසලේ 1 සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන අතර ගුරු මණ්ඩලය විදුහල්පතිතුමා සමග 33 කි.