විදුහල්පති පණිවිඩය

මෙම පාසල මා විසින් 2013 අප්‍රේල් 04 දින භාරගන්නා ලදී. මීට පෙර විදුහල්පතිවරු 30 දෙනෙකු යටතේ පාසල පැවති අතර ඒ කාල සීමාව තුළ සුනාමි ව්‍යසනයටද පාසල මුහුණ දී ඇත. 2004.12.26 දිනෙන් පසු නැවත ඉදි වූ පාසලේ මා භාරගන්නා විට ශිෂ්‍ය සංඛ්‍යාව 244 කි. දෙමහල් ගොඩනැගිලි 04 ක් සහ විධිමත් පුස්තකාලයක්ද පවතියි.
මා භාරගත් දින සිට මේ වන විට දරුවන්ගේ හැකියා ප්‍රදර් ශනය කිරීමට වේදිකාවක්, ප්‍රාථමික දරුවන් සදහා ආරක්ෂිත වැටක් සහිත සෙල්ලම් මිදුලක්, 75 ක ධාවන පථයක් සහිත ක්‍රීඩා පිට්ටනියක්, කෘෂිකර්ම භූමියක්, පරිගණක 05ක් සහිත පරිගණක කාමරයක්, වීදුරු සවි කරන ලද විදුහල්පති කාමරයක් අලුතින් ඉදිකර ඇත.
2026 වන විට මෙම පාසලේ ප්‍රධාන දොරටුවේ සිට පිටුපස දොරටුව දක්වා ගල් අතුරා පාරක් සකස් කිරීම, විදුහල්පති නිල නිවාසක්, ගුරු නිවාසයක් සහ එහි ඉහල මාලයේ ක්‍රීඩාගාරයක් ඉදිකිරීම, ප්‍රාථමික අංශයේ පන්ති පැවැත්වෙන අනාරක්ෂිත පරණ දෙමහල් ගොඩනැගිල්ල ඉවත්කර එම ගොඩනැගිල්ල වෙනත් ස්ථානයක ස්ථානගත කිරීම, වැසිකිලි පද්ධතිය ක්‍රීඩාපිටියෙන් ඉවත්කර සුදුසු ස්ථානයක ස්ථානගත කර ක්‍රීඩා පිටියේ 100 ධාවන පථයක් ගොඩනැගීම මාගේ අරමුණයි.
එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ඔබ සියලුදෙනාගේ සහයෝගය මට දෙතැයි අපේක්ෂා කරමි.